තැපැල් දෙපාර්තුමේන්තුව සතු කිසිදු සම්පතක් විකිණිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ලබා නොදෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසිය.
චින්තක බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ (09) දින හැටන් නගරයේදි මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි අදහස් දැක් වු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ
"අපි පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් දිවයින පුරා තැපැල් කාර්යාල වල ආරම්භ කරලා තියෙනවා , මෙම වර්ජනය (09) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරිමට නියමිතයි.
මෙයට සමගාමිව (09) දින නුවරඑලිය නගර මධ්‍යයේ මහ සංඝ රත්නය, ස්වෙච්ඡා සංවිධාන ,වෙලද සංගම් , බහු ජන සංවිධාන නායකයින් ,වෘත්තිය සමිති සමාජිකයන් සහ රාජ්‍ය ආර්ථ රාජ්‍ය නිලධාරින් එකතු වෙලා දැවැන්න විරෝධතාවයක් සිදු කරනවා.
අපි රජයට කියන්නේ නුවරඑලිය සහ මහනුවර තැපැල් කාර්යාල සංචාරක හෝටල් සදහා විකිණිම නතර කරන්න කියලා. මෙතෙක් රජය අපගේ විරෝධයට සුභදායි පිලිතුරක් දක්වලා නැ.
අපගේ විරෝධතාවයට ඇහුම්කන් නොදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තැපැල් දෙපාර්තුමේන්තුව සතු සම්පත් සහ රටේ සම්පත් විකිණිමට කටයුතු කරනවා නම් රටේම වැඩ කරන ජනතාව සහ සියළු ආගමික නායකයින් එකතු කරගෙන එය නතර කිරිමට කටයුතු කරනවා.
මෙවනි ක්‍රියාවන් නිසා රට තවත් අර්බුධ වලට ලක් වෙනවා, රට බංකොලොත් වෙලා තියෙන අවස්තාවක තවත් රට අර්බුධ වලට ලක් නොකර අප කියන දේ අහලා හොදට කල්පනා කරලා රටේ පොදු දේපල විකිණිම නතර කරන්න .
රජයට ණය ගෙවා ගන්න බැරිනම් රටේ සිදු වන නාස්තිය , දුෂණය නතර කරන්න, රාජ්‍ය අදායම නිවැරදි ආකාරයෙන් ලබාගෙන ණය ගෙවන්න කටයුතු කරන්න , නැතුව පොදු දේපල විකුණලා රටේ ණය ගෙවන්න හදනවානම් ඒක කරන්න කිසිදු ඉඩක් නැ"