තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු අංගණයේ ඉකුත් වසර 05ක කාලයේදී වාහන අමතර කොටස් මිලදී ගැනීමට සේවකයන් සඳහා වැය වී ඇති අතිකාල දීමනා සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) අය කර ඇති අතර, අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව එක් එක් වාහනයකට බෙදනු ලැබූ අමතර කොටස් පිළිබඳ ටයර් ටියුබ් සහ බැටරිවල තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
මේ නිසා වියදමේ සාධාරණත්වය පිළිබඳ කිසිදු විගණන පරීක්ෂාවක් සිදු කිරීමට නොහැකි වී ඇති බව එම විගණන වාර්තවේ සඳහන් වේ. වැඩ ඇණවුම් පත්‍රිකාවල වාහනවලට යොදා අමතර කොටස් සඳහා හැකි වන අයුරින් සටහන් කර නොතිබීම ලොග් වාර්තාවල කිසිදු අමතර කොටස් අපහැදිලිව සටහන් කිරීම පරිගණකගත කරනු ලැබූ ඉන්වෙස්ට්රියන් නඩත්තු කර නොතිබීම සහ අතින් ලියනු ලැබූ ඉන්වෙස්ට්රියන් පැහැදිලිව හඳුනාගත හැකි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් යෙදූ අමතර කොටස් පිළිබඳව විගණන පරීක්ෂාවක් සිදු කිරීමට නොහැකි වී ඇත.
එමෙන්ම මේ පිළිබඳ සිය අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක කර නොතිබීම හා2022 සහ 2023 වර්ෂවල රටේ පැවති ආර්ථික අර්බුදය නිසා වාහන ගෙන්වීම පවා නතර කර තිබුණි. ආනයනය තහනම් වූ විශාල වාහන වටිනාකම් සහිත නියම අමතර කොටස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් විගණනයට ප්‍රශ්නගත වී තිබුණි. තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නාරාහේන්පිට යාන්ත්‍රික ඉංජිනේරු අංශයක් තිබියදී වාහන 183ක් ඉකුත් වසර 05ක කාලයේදී පෞද්ගලික බාහිර ගරාජවලින් අලුත්වැඩියා කිරීමට රුපියල් තුන්කෝටි විසි එක් ලක්ෂ අනූඅටදහස් හාරසිය අසූවක මුදලක් (32,198,480) වැය කර තිබුණි. මෙම තොරතුරු අනාවරණය වූයේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂය සඳහා ජූලි මස 08වන දින ඉදිරිපත් කර තිබූ කාර්ය සාධක වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගිනි.