නාම යෝජනා කැඳවා තිබෙන පළාත් පාලන ආයතන 336 සඳහා තැපෑලෙන් ඡන්දය දීමට අයදුම්පත් භාර ගැනීම මේ මස 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අයදුම්පත් භාර ගැනීම ඊයේ(12දා) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් කිරීමට නියමිතව තිබුණත් තැපැලේදී සිදුවිය හැකි ප්‍රමාද සැලකිල්ලට ගෙන මෙම කාලය දීර්ඝ කළ බවද කොමිසම පවසයි.
මෙම දිනය කිසි සේත්ම දීර්ඝ නොකරන බවත් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk ) පිවිසීමෙන් බාගත හැකි බවත් පෙන්වා දෙයි.
මීට අමතරව පුනාකරි,මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන පළාත් පාලන ආයතන තුනට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 19 වැනි දින හෝ ඊට පෙර ලබා දිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.