තැනින් තැන සිදු කරනු ලබන වෙඩි තැබීම් වලින් ජාතික ආරක්ෂාවට මහා බලපෑමක් නොවන බවත්, මහජන ආරක්ෂාව දැනටම තහවුරු කර ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - අපරාද රැල්ලක් එනවා. කොහොමද ජනතාවගේ ආරක්ෂාව සපයන්නේ?
පිළිතුර - ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපි ලංකාවේම මහජන ආරක්ෂාව දැනට තහවුරු කරලා තියෙනවා.
ප්රශ්නය - තැනින් තැන වෙඩි තැබීම් වෙනවා. දකුණේ පාතාලය නැවතත් ඇවිල්ලා තියෙනවා. මේවා මැඩපවත්වන්න ක්‍රියාමාර්ගයක් නැද්ද?
පිළිතුර - පාතාල කල්ලි වල ඝට්ඨනයක් යන්නේ. නමුත් ඒකෙන් මේ ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ.අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගැන විශේෂයෙන් වැඩ කටයුතු කරගෙන යනවා.