මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු මැලේසියාවේ 122,000ට වැඩි පිරිසක් අවතැන්ව ඇති අතර, දකුණු තායිලන්තයේ 13,000ක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තවදුරටත් අධික වැසි සහා කුණාටු ඇතිවන බැවින් මෙම ප්‍රමාණයන් ඉහළ යා හැකි බවට දෙරටේ බලධාරීන් අනතුරු අඟවා තිබේ.