පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඩේලි මිරර් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමාට හිතවත් ඇතැම් මන්ත්‍රීවරුන් දැන් තමන්ට එරෙහිව කටයුතු කරන්නේ මන්දැයි තමාට පැහැදිලි නැති බවත් ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කිරීමට තමා විවෘත බවත්ය.
ජනාධිපතිවරයා සහ තමන් අතර විරසකයක් නොමැති බවත් පවතින ගැටලු විසඳීමට සහ පවතින අර්බුද හැකි ඉක්මනින් විසඳා ගැනීමට දෙදෙනාම එක්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. බෙදීමක් සිදුවුවහොත් රජයක් ලෙස කටයුතු කළ නොහැකි බවද ඔහු පැවසීය.
"ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති. ඒ නිසා මම එතුමාට ජනාධිපති විදියට හැමදාම ගරු කරන්න ඕන. එයා මගේ මල්ලි වෙන්න පුළුවන්. ඒත් ඒක වෙනම දෙයක්. ඒක පුද්ගලික සම්බන්ධයක්. හැමෝම වගේ අපිත් තර්ක කරනවා, කැබිනට් එකේදි වුණත් තර්ක කරනවා. නමුත් අපේ තර්ක එතනින් නතර වෙනවා," ඔහු පැවසීය.
කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක දැනට ක්‍රියාත්මක "GoHomeRajapaksa" ව්‍යාපාර පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රාජපක්ෂ කියා සිටියේ විරෝධතාකරුවන්ගේ මතයට ගරු කරන නමුත් රජයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින්නේ ජනගහනයෙන් එක්තරා කොටසක් පමණක් බවයි.
“මේක කියන්නේ සමහර පිරිස් විතරයි. මේ කොටස ඇතුළේ සමහර කණ්ඩායම් ඉන්නවා, අපිට හැමදාම විරුද්ධ අය, මේ අය තමයි අපිට යන්න කියන්නේ. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. අපි ආවේ ජනවරමකින්. සමහර අය අපිට යන්න ඕන කියලා කිව්වට එකෙන් කියන්නේ නෑ අපි යනවා කියලා. මිනිස්සුන්ට අපිව වෙනස් කරන්න ඕන නම්, මැතිවරණයකින් ඒක කරන්න පුළුවන්," අගමැතිවරයා පැවසීය.
ජනතාව සහ තම ඡන්ද දායකයන් තවමත් තමන් සමඟ සිටින බවත්, රාජපක්ෂවරුන් ජනතාව සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේදී වුවද ජයග්‍රහණය කරන බවට තමාට විශ්වාසයක් ඇති බවත්, ඒ අනුව රට වෙනුවෙන් එය ඉටු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"සමහර කොටස් මට යන්න කියනවා.අපිට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපි යනවාට කැමති නැහැ. මේ විරෝධතාකරුවන් පමණක් සමස්ත ජනතාවම නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ගේ අදහස්වලටත් ගරු කරනවා," අගමැති රාජපක්ෂ මහතා පැවසීය.
ජනතාව සහ තම ඡන්ද දායකයන් තවමත් තමන් සමඟ සිටින බවත්, රාජපක්ෂවරුන් ජනතාව සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේදී වුවද ජයග්‍රහණය කරන බවට තමාට විශ්වාසයක් ඇති බවත්, ඒ අනුව රට වෙනුවෙන් එය ඉටු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.