මොරන්තුඩුව පොල්හේන පන්සල පාරේ නිවසක් තුළදී මස්සිනා සහ ඔහුගේ පියා විසින් පුද්ගලයෙකුට කඩු දෙකකින් පහරදී ඝාතනය කර ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ බණ්ඩාරගම වල්ගම කහටගස් හන්දියේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 43 හැවිරිදි සැකකරුගේ පියා ප්රදේශය හැර පලා ගොස් ඇත.
පළමු සැකකරු මරණකරුගේ නැගණිය සමග විවාහ වී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන එය සමථයට පත්වී ඇතැයි පොලිසිය කියයි. මරණකරු ඊයේ (21දා) සවස එම නිවසට පැමිණි අවස්ථාවේදී සැකකරු හා ඔහුගේ පියා විසින් මරණකරුට කඩු දෙකකින් පහරදී තුවාල සිදුකර තිබූ බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා අසල මාර්ගයක වැටී සිටියදී 1990 සුවසැරිය ගිලන් රථය මගින් ගෝනදුව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.