වරෙන්තු ලැබූ තාත්තයි පුතයි බේර ගන්න තියුණු ආයුධ වලින් සහ ගල් මුගුරුවලින් පොලිසියට පහර දී නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු කල කාන්තාවන් 3ක් අත්අඩංගුවට .................
කාන්තාවන් දෙදෙනකු මේ මස 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට.........
එක් කාන්තාවකට ඇප නියම කෙරේ..............
වරෙන්තු කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට, තියුණු ආයුධ වලින් හා ගල් මුගුරු වලින් පහරදී තුවාල සිදු කර එම වරෙන්තු කරුවන් දෙදෙනා මුදා ගත් කාන්තාවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පහර කෑමටද ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවත් ඔයාමඩුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඔයාමඩුව වන්නිහැලඹෑව, වැල්මල්ගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 , 40 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු සහ ප්රධාන සැකකරුගේ 14 හැවිරිදි දියණිය බව පොලිසිය කියයි.
පහර කෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇලයාපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්රතිකාර සඳහා, අනුරාධපුර ශික්ෂන් රෝහල වෙත මාරු කර යවා ඇතැයි, ඔයාමඩුව පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ඔයාමඩුව, වැල්මල්ගම, ප්රදේශයේ පියෙකු සහ පුත්රයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්රහාරය එල්ල වූ බව පොලිසිය කියයි.
මෙහිදී ප්රධාන වරෙන්තුකරු සහ ඔහුගේ පවුලේ ඥාතී කාන්තාවන් පිරිසක් විසින් උදැල්ලකින් , පොරවකින් සහ ගල් මුගුරු වලින් පොලිස් නිලධාරීන්ට පහරදී මෙලෙස තුවාල කර තිබූ අතර, එම අවස්ථාවේදී වැටලීම් භාර නිලධාරියා වන උප පොලිස් පරීක්ෂක ජයවික්රම මහතා අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වා ගෙන තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රෝහල් ගත කල බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් තිදෙනා අයුතු ජනරාසීව සිටිමින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් සැකකාරියන් දෙදෙනෙකු, මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සැකකාරියක් ඇප මත මුදා හැරි බව පොලිසිය පවසයි.