" ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට" යන වදන ත්‍රිරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුළ එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සැකකරුවන් සමග පොලිස් භාරයට ගත් එළුවන් දස දෙනාගෙන් කුඩා පැටියකු ඒ මොහොතේම මියගිය බව පොලිසිය කියයි.
නිල් පැහැයට හුරු ත්‍රී තීරෝද රථයකින් නීති විරෝධී ආකාරයෙන් එළුවන් ප්‍රවාහනය කරන බවට බණ්ඩාරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සරත් ජයලාල් මහතාට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වීදගම ප්‍රදේශයේදී සැකකටයුතු තීරෝද රථයට මඟ හරස්කර නවතා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ත්‍රී රෝද රථය සමඟ පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරික්ෂාවේදී එළුවන් දස දෙනෙකු සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
එම එළුවන් දස දෙනා තීරෝද රථයේ අඩියක පමණ පළලින් හා අඩි තුනක පමණ දිගින් යුත් පිටුපස භක්තියේ එකිනෙකාට තදවන ආකාරයෙන්ම එකිනෙකා මත පටවා ප්‍රවාහනය කර තිබූ බව පොලිසිය කියයි.
එම එළුවන් දස දෙනා එකින් එක බිමට ගනිද්දි එක් එළුපැටවකු අවසන් හුස්ම පොද හෙලමින් සිටි බව පොලිසිය කියයි.
එම කුඩා එළු පැටවා බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විසින් පශු වෛද්‍යවරයාව ඒ මොහොතේම කැඳවූ නමුත් ඒවන විටත් එම එළු පැටවා මියගිය බව පොලිසිය සඳහන් කරයි.
එම එළුවන් පොලිස් නිලධාරීන් විසින් මරණයෙන් බේරා ගැනීමෙන් අනතුරුව පොලිස් භූමිය දුව පැන ඇවිදිමින් කෑ මොර දෙමින් ගත කළහ.
අපරාද අංශයේ ස්ථානාධිපතිවරයා තොරතුරු ලද වහාම විනාඩියක් හෝ ප්‍රමාද නොවී ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම සතුන්ගේ දිවි බේරා ගැනීමට හැකිවූ බව ස්ථානාධිපති තුෂාරද සිල්වා මහතාා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අටලුගම ගල් පොත්ත පදිංචිකරුවන් බවත් ඔවුන් මීට පෙරද එළුවන් සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ වූවන් බවට පොලිසියේ සඳහන්කරයි.

