නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,604ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනේ සිදුවන විවිධ අපරාධ සඳහා මෙසේ නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් සම්බන්ධ වන බවට වාර්තා වූ තොරතුරු අනුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මෙම මහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.
ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු වශයෙන් ඊයේ දිනය විට විට පුද්ගලයන් 1604ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන් 1,394ක්, ගුවන් හමුදා සෙබළුන් 138 සහ නාවික හමුදා සෙබළුන් 72ක් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය කීවේය.