මස්කෙලිය සිට නල්ලතන්නිය මරේ වතුයාය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බොලෙරෝ ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි ත්‍රිරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරාගේ පියා වන නල්ලතන්නිය මරේ වතුයායේ වලදල කොටසේ පදිංචිව සිටි වේළු සෙල්වනායගම් (66) හැවිරිදි සිව්දරු පියා සහ ත්‍රිරෝද රථ රියදුරාගේ බාප්පා වන වේළු මායවම් (56) හැවිරිදි යන අයයි.
(10) දින පස්වරු 3.30 ට පමණ මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය ග්ලැන්ටිල් වතුයාය ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වි ඇත.
නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන මස්කෙලිය නගරයේ සිට ආපසු නිවස කරා යමින් සිටියදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නල්ලතන්නිය සිට මස්කෙලිය දක්වා දියර කිරි ප්‍රවාහනය කල බොලෙරෝ ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වු අවස්තාවේදිම දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි ත්‍රිරෝද රථයේ රියදුරා සහ ඔහුගේ සොහොයුරා බරපතල ලෙස තුවාල ලබා ප්‍රධාන මාර්ගය හරහා වැටි සිටියදි වතු කම්කරුවන් එක්ව තුවාලකරුවන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව පොලිසිය පැවසිය.
ත්‍රිරෝද රථයේ රියදුරා අධික ලෙස බිමත්ව අධික වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය කර ඇති බවත්, ත්‍රිරෝද රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බොලෙරෝ ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරට පත් ත්‍රිරෝද රථයේ මත්පැන් බෝතල් කිහිපයක්ද තිබි හමු වු බවයි පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ජිවිතක්ෂයට පත් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය පැවසිය.