වී අස්වනු නෙළන මේ දිනවල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් ඉකුත් දින කීපය තුළ රජයට වී කිලෝග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය කියයි.
තඹලගමුව හා කන්තලේ පෝටන්කාටුව ගබඩා වලට මෙම වී තෙගය ලබදුන් බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) ඩබ්.ආර්. අජිත් ශාන්ත කුමාර මහතා පැවසීයය .
2024/25 මහ කන්නේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අස්වනු නෙලන ප්‍රදේශ ආවරණය වන පරිදි රජයේ ගබඩා 23 ක් විවෘත කර ඇති බවද ප්‍රාදේශීය කළමණාකාරවරයා කීහ.
ප්‍රමිතියෙන් යුක්ත නාඩු කිලෝවක් සඳහා රුපියල් 120/= ක් ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130/= ක්ද කීරී සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132/= බැගින් රජය වී මිලදී ගනිද්දී කුඹුරට එන පෞද්ගලික වෙළදුන් ප්‍රමිතිය නොබලා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 125/= ක් ලබාදෙන බැවින් ගොවීන් රජයේ ගබඩාවලට වී ලබාදීමට මැලිකමක් දක්වන බව දැනගන්නට ඇත .
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සෑම වි ගොවියෙක්ම මෙවර මහ කන්නයේ ලබා ගන්නා වි අස්වැස්සෙන් අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 300ක් රජයට ලබා දිමට මිට පෙර තිරණයක් ගෙන තිබුණි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා

