2009 වසරේදී මෙරටින් පිටවගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එම රාජ්‍යයේ සිට ත්‍රස්තවාදි කණ්ඩායමකට මුදල් එකතු කර ලංකාවට පැමිණ කොළඹ ප්‍රදේශයේ හා වන්නි ප්‍රදේශයේ මුදල් බෙදා හැරිම සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියොගයක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කටුනායක ගුවන්තොටුපොළින් පිටව යාමේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍ර දේශයේ පදිංචිව සිට පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් පුදගලයෙකි.