අන්තවාදී හා ත්රස්තවාදී ක්රියාවන් වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයකු ගල්කිස්ස දෙහිවල සිරිපාල පාරේ නිවසකදී අත්අඩංගුවට ගත් බව ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි.
මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 1979 අංක 48 දරණ ත්රස්තවාදය වැළැක්වීමෙන් පනතේ තාවකාලික විධිවිධාන පනත අනුව රඳවාගෙන විමර්ශනය කරනු ලබන බව පොලිසිය කියයි.
සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙකි. ත්රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.