මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරමින් සීඝ්රයෙන් ඉහළ යන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා 2011 සිට මේ දක්වා එවැනි යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව විමර්ශනය කර අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු නීතිමය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වන විටත් එවැනි ආයතන ගැන තවත් විමර්ශන කීපයක් සිදුකරගෙන යන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
එමෙන්ම 2023 සහ 2024 වසරවල මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවලදී මහ බැංකුව මගින් සැසි 700 කට වඩා වැඩි ගණනක් පවත්වා 50000 කට අධික පිරිසක් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව දැනුම්වත් කළ බවද එම නිවේදනයේ සඳහන්වේ.
ජේ.ඉඳුරුවගේ