ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
අම්බලන්ගොඩ මහ අම්බලන්ගොඩ පදිංචි ප්‍රසාද් මහතාට කොරෝනා රෝගය වැලදී තිබුණේ මීට දෙමාසයකටත් උඩදී බවත් එදින සිටම ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ බවත් එම කාර්යාලය කියයි.
කොරෝනා රෝගය උත්සන්නවීම නිසා වෛද්‍ය ප්‍රසාද් මහතා ඊයේ (29දා) රාත්රියේදී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීවේය.
කරන්දෙනිය සුසිල් ප්‍රියන්ත