සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව අද (13දා) දැනුම් දුන්නේය. ගංඟාරාම විහාරස්ථ සීමාමාලකයේ දී ඔහු මේ බව ප්‍රකාශයට පත් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර " රාජිතගේ තීරණය" සම්මුතියට ද මෙහිදී අත්සන් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතා ද තමා මෙන්ම රැඩිකල් තීරණ ගැනීමට ඉදිරිපත් වන හෙයින් තමා සමග එක්වීමට තීරණය කළ බවයි. ජනතාව බලාපොරොත්තුව වන පවතින දේශපාලන ක්‍රමවේදයේ වෙනස කළ යුතු බව ද හෙතෙම කීවේය.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසූයේ රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.