මේ මොහොතේ දී කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව තවත් අවුරුදු දෙකක කාලයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කිරීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුරකුමාර දිසානායක මහතා මැදිහත් වී එය සිදු කළ යුතු බවයි.
ඔහු මේ බව පැවසුවේ අද (28දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා මෙසේද කීය.
" ආර්ථිකය ශක්තිමත් වෙලා ජනතාවට සහන ලබා දීලා පරිපාලන ව්‍යුහය ශක්තිමත් බවට පත්කරලා තිබෙනවා. අධ්‍යාපනය යථාවත් වෙලා තිබෙනවා. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොවෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා මැදිහත් වෙලා හෝ අනුරූ කුමාර දිසානායක මහත්මයා මැදිහත් වෙලා තවත් අවුරුදු දෙකක කාලකයට මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතුයි කියලා ප්‍රකාශ කරන්නට කැමති යි. පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන් එකතුවෙලා මේ තීරණය ගත යුතු වෙනවා."