ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් 2 කණ්ඩායම අද දින (2025.03.24) දිවයිනෙන් පිටත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මෙම කණ්ඩායමට රැකියාලාභීන් 20 දෙනෙකු ඇතුළත් වන බව ද කාර්යාංශය සඳහන් කරයි. මෙම පිරිසට ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන තිබේ.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා හිමිවූ රැකියාලාභීන් 38 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ද අද දින (2025.03.24) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ද අද දිනම ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1266 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
වර්තමානය වනවිට ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමට පවතී. සෑමවිටම නිපුණතා සහිත පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමටත් ඒ තුළින් ශ්‍රමිකයාට ඉහළ වැටුප් සහිත වෘත්තීය රැකියා අවස්ථාව සැලසීමත් කාර්යාංශයේ අපේක්ෂාවයි. එමෙන්ම ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වළකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
