ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වී රෝහල් ගත කර සිටි තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය වන විට රෝගීන් සිව් දෙනෙක් මිය ගිය අතර වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 152කි. ඒ අනුව තවත් 124ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.