අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනකට අදාළව ඔහුට අද (01දා) ඇප නියම කෙරිණි.
නඩු තුනටම අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඒ අනුව බන්ධනාගාරයට ඒ බව දැන්වීමෙන් අනතුරුව ඇප කොන්දේසි සම්පූර්ණ කර ඔහුට නිදහස් වීමට අවස්ථාව තිබේ.