මෙවර මහ කන්නයේ දී වී අලෙවි මංඩලයට අයත් නිකවැරටිය ගබඩාවටද ප්‍රථම වතාවට 18 දින එම ප්‍රදේශයේ ගොවීන් දෙදෙනකු ද ප්‍රමිතියෙන් යුතුව සිය වී අස්වනු තොගයක් රැගෙනවිත් අලෙවි කළ බව වී අලෙවි මංඩලයේ වයඹ කලාපය බාර වැඩ බලන කළමනාකරු ජී.එස් ධර්මකීර්ති මහතා පැවසීය .
මෙම එක් ගොවි මහතෙකු සම්බා වී කිළෝ ග්‍රෑම්ස් 398ක් සහ අනෙක් ගොවි මහතා නාඩු වී කිළෝ ග්‍රෑම්ස් 610ක් මෙසේ අලෙවි කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
රජය ගොවීන්ගෙන් ප්‍රමිතියෙන් යුතු වී සහතික මිලට මිලදී ගැනීම සඳහා පසුගිය දින කිහිපයක සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා විවෘත කර ඇති අතර එහිදී මුල්වරට මීට දින කිහිපයකට ඉහතදී අම්පාර තිස්සපුර ප්‍රදේශයේ රජයේ ගබඩාවකට ගොවි මහතෙකු විසින් වී කිළෝ ග්‍රෑම්ස් හයසිය පනහක් ලබාදී තිබූ බවට වාර්තාවිය.
ඊට අමතරව දෙවන වරට කන්තලේ ප්‍රදේශයේ ගබඩාවකටද වී ප්‍රමාණයක් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් ධර්මසිරි මහතා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාපයට අයත් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නිකවැරටිය ගබඩාවටද 18 දින ගොවීන් දෙදෙනෙකු මෙසේ වී තොගයක් රැගෙනවිත් තිබුණේ එවන් පසුබිමක් තුළදීය.
තෙත බර සියයට 14ට අඩු ප්‍රමිතියෙන් යුතු සම්බා වී කිළෝවක රජයේ සහතික මිල රුපියල් 125ක් වන අතර නාඩු වී කිළෝවක සහතික මිල රුපියල් 120කි. මීට අමතරව වී මිටි කිරීමට අවශ්‍ය උර හෝ ඒ සඳහා උරයකට රුපියල් 50ක මුදලක් ගොවීන්ට ලබාදෙන බවත් ධර්මකීර්ති මහතා පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
