රට තුළ එක බදු ක්‍රමයක් සහ කොළඹ වරාය නගරය තුළ තවත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යාමෙන් විශාල ගැටලුවක් නිර්මාණය වන බවත්, ඒ පිළිබඳ සොය බලා තීරණයක් ගත යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (19දා) කරුණු දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වන ආකාරයේ තීන්දුවක් ගැනීමට රජය සූදානම් නොමැති බව ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - තවම මේ වරාය කොමිෂන් සභාවට අධ්යක්ෂ ජනරාල් වරයෙක් පත් කරලා නෑ. කරුණා කරලා කවුරු හරි මේකට පත් කරන්න. මෙතන ලොකු ගැටලුවක් නිර්මාණය වෙනවා. අප්‍රේල් මාසයේ විවෘත කරන්න යනවා ඩියුටි ෆ්‍රී ලොකු කොම්ප්ලෙක්ස් එකක්. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් අපි කල්පනා කරන්න ඕනෑ අනික් කඩවලට මොනවාද වෙන්නේ කියලා. කවුද ඩියුටි ගෙවලා බඩු ගන්නේ? මේකෙන් අනිත් ආයතනවලට ලොකු පාඩුවක් වෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - මේ එකම රටක් තුළ මේ ආකාරයෙන් බදු සූත්‍ර දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙනකොට දේශීය කර්මාන්ත කරුවාට, ක්ෂුද්‍ර, කුඩා කර්මාන්ත කරුවන්ට, මේ රටේ ව්‍යාපාරිකයාට මොකක්ද අත්පත් වෙන ඉරණම?
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ - මේ කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වන ආකාරයේ තීන්දුවක් ගැනීමට රජය සූදානම් නෑ. මේ තීරු බදු වලින් නිදහස් සංකීර්ණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වුණා. ඒ අනුව සාමාන්‍ය පරිදි ලබා දෙන එලවන්ස් එක තුළ කටයුතු කරන්න තමයි රජය අදහස් කරගෙන ඉන්නේ. මේ රටේ පවතින් ව්‍යාපාරික පංතියක් අවලංගු කරලා තවත් ව්‍යාපාරික පංතියකට අවස්ථාව ලබා දීම සිදු කරන්නේ නෑ*.