ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (26දා) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණයක්, අවුරුදු 30 හා 59 අතර මරණ 14ක් හා අවුරුදු 60ට වැඩි මරණ 56ක් වාර්තා වී තිබේ.
මෙම මරණ 71ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12680ක් දක්වා වර්ධනය විය.