කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2622ක් දක්වා වර්ධනය විය. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2871ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 238කි.
ආසාදිතයන් 11ක් ජීවිතක්ෂයට පත්විය.