දකුණු කොරියානු රැකියා සඳහා බඳවාගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවු තවත් ශ්‍රි ලාංකික තරුණියක ඇතුළු තරුණයින් 91 දෙනෙකු අද දින (11/26) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 5421 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර හා ඉදිකිරීම් යන ක්ෂේත්රවල රැකියා අවස්ථා හිමි වී තිබේ. අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.