උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිම හේතුවෙන් තාවකාලකව නවතා තිබූ කොළඹ කොටුව - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබේ.
මේ අනුව අද දිනයේ සිට එම දුම්රිය ධාවන කටයුතු ආරම්භ කෙරෙනු ඇත. කොළඹ කොටුවෙන් පස්වරු 4.15ට ගමන් ආරම්භ කරන දුම්රිය රාත්රී 10.15ටබ තලෙයි මන්නාරමට ළඟා විමට නියමිතය.
යළිත් පසුදා උදෑසන 4.15ට තලෙයි මන්නාරමෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 10.15ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.