ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ ඉන්චියොන් ( Incheon ) වෙත මානව සම්පත් සංවර්ධන සේවයට ඉකුත් 03/19 දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් යොමු කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු , එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන ප්‍රමාද කිරීමකට ලක් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිදු වු බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් 03/21 දින පස්වරුවේ නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ .
එනිසා මෙම ගුවන් ගමන පසු දා එනම් 03/20 දින උදෑසන 07.23 ට ශ්‍රී ලාංකික සේවකයින් 117 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් බලා පිටත්ව ගිය බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .
එසේම ඉතිරි ශ්‍රී ලාංකිකයන් 100 දෙනා එළඹෙන 03/24 වැනි ඉරිදා දින රැගෙන යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැළසුම් කර තිබේ .
මෙම ප්‍රමාද වීම නිසා එම ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා වලට බලපෑමක් ඇති නොවනු ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු පළ කරන අතර මේ ආකාරයට විදේශ රැකියා සදහා පිටත්ව යන ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉහළ අගයක් ගන්නා ගණුදෙනුකරුවන් සේ සළකන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එම නිවේදනයේ සදහන් වේ .
එසේම මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කඩිනම් පියවර ගනිමින් සිටින බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය වැඩිදුරටත් සදහන් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු කොරියාව බලා පිටත්ව යන මෙම ගුවන් ගමන මිට පෙර අවස්ථා ගණනකදී ප්‍රමාදවීම්වලට ලක්ව තිබුණි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ දකුණු කොරියා සිහිනය අනතුරටද පත්ව තිබේ.