ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිලිදු බැවින් තොරවීම සඳහා වූ අරමුණු ජය ගැනීම සඳහා, තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් වශයෙන් බහු කාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.
මෙරට ශ්‍රම බලකායට නිපුණත්වයෙන් හෙබි තරුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් බහු කාර්යය සංවර්ධන කාර්යය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක බහු කාර්යය ශිල්පින් බදවා ගැනීමේ වැඩසටහන යටතේ බදවා ගනු ලබන තරුණ තරුණියන් ලක්ෂයක් සදහා වෘත්තීය පුහුණුව ලබා දීමේ වගකිම නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට පැවරි ඇත.
ඒ අනුව බදවා ගනු ලබන තරුණ තරුණියන් සඳහා හදුනාගත් පුහුණු ක්ෂේත්‍ර විසිපහක් සම්බන්ධ යෙන් රජයේ පිළිගත් වෘත්තිය පුහුණුවක් ලබා දීමට ජාතික අධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය කටයුතු බලාත්මක කර ඇත . මාස 06 පුහුණු කාලයකට යටත්ව ලබාදෙන මෙම වෘත්තීය පුහුණුවේදී සති දෙකක කාලයක් පෞරුෂත්ව සංවර්ධන පුහුණුවක් සහ න්‍යායාත්මක පුහුණුවක් සමග කර්මාන්තගත අධුනිකත්ව පුහුණුවක් ලෙස ක්‍රියාත්මක කරයි. පුහුණුව අවසානයේ NVQ 03 මට්ටමේ සහතිකයක් ලබා දෙනු ඇත.
නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍යංශයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම බහු කාර්යය සංවර්ධන කාර්යය සාධක බලකා දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය , සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර සිදුවිය.