තමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ උපන් ස්ථානය ලෙස ගලේවෙල මකුළුගස් වැව මාතෘ නිවහන බවත් එම නිවහන මෙම ආසන්නයේම පිහිටා තිබෙන බවත් මෙ වන විට එහි අකුරු ලොකුවට ප්‍රදර්ශනය කොට ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 29 දින පැවසීය,
ගලේවෙල මකුළුගස් වැව ප්‍රදේශයේ මෙම ජන හමුව සංවිධානය කොට තිබිණිි, අනුර කුමාර දිසානායක මහතා උපත ලද රෝහල ඉදිරිපිට සහ ඥාතීන් රැසක් ජීවත් වන මකුළුගස්වැව දේවහුව මෙන්ම ගල්කිරියාගම ආදී ප්‍රදේශවල ින් බොහෝ ජනතාවක් මේ අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි
මෙම හමුවේදී මුලින්ම අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ පාසල් වියේ මිතුරන් කිහිපදෙනෙකුගේ නම් මතක් කිරීම විශේෂත්වයකි, තමන් මුලින්ම පාසල් ගියේ බුදුගේහින්න විද්‍යාලයට බවත් එහිදී තම මිතුරන් කිහිප දෙනෙකු මතකයේ පවතින නිසා එම මිතුරන්ගේ නම් ප්‍රසිද්ධියේ කීමද විශේෂත්වයෙකි ,ඊට ඥාතීන් සහ ප්‍රදේශවාසීන්ගේ උණුසුම් ප්රතිචාරයක්ද තිබිණි.
රැස්වීම අවසානයේදී තම නැදා හිතවතුන් අතරට ගිය අනුර දිසානායක මහතාට ඔවුන්ගේ ඉහල ප්‍රතිචාරයක් ලැබුණු අතර දුරකථන වලින් සෙල්පි චායාරුප ගැනීමද දක්නට විය
දැනට ලංකාවේ ගම් වල පවතින සිද්ධි පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ග්‍රාමීය ජනතාව වෙනුවෙන් තමන් දේශපාලනය පිවිසි බවත් සඳහන් කළේය ජාතික ජනබල වේගයට අවශ්‍ය වන්නේ ගම්වල ජීවත්වන ජනතාවට මීට වඩා සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම බවද අනුර කුමාර දිසානායක මහතා තම ඥාතීන් හමුවේ පැවසීය .
අතේ ඒල්ලිලා යන දරුවාට කුසේ ඇකයේ නැලවෙන දරුවාට මීට වඩා සාර්ථක ජීවිතයක් අවශ්‍යතාවයද අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදීම විශේෂත්වයකිි
එම නිසා ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් සැකසීම සඳහා සියලු දෙනාගේම සහයෝගය ජාතික ජන බලවේගයට ලබා දෙන ලෙසද හෙතෙම තම ඥාතී පරපුරෙන් එල්ලීමක් කළ කළේය ,
මෙම රට එහෙම දුප්පත් වීමට අවශ්‍ය රටක් ඉන්නවන බවත් පෙන්වා දුන් ඒ මහතා වෙනත් රටවල් හා සැසඳීමේ දී සියලු සම්පත් අප රට තුළ සතුව පවතින බවත් එම සම්පත් ප්‍රයෝජනයට නොගෙන විදේශීය රටවලින් ආනයනය කොට ජීවත්වීම සිදු කරන බවත් එම තත්ත්වය වහාම නැවැත්වීමට තම දේශපාලන පක්ෂය ඉදිරිපත්ව තිබෙන බවද ඒ මහතා පැවසීය .
අපේ රට හැම පැත්තකින්ම සාර්ථකව රටක් බවත් එම රට දියුණු කිරීමට ඕනෑ තරම් හැකියාව තිබෙන නමුත් මේ රටට වැරදුනු එකම තැන නිසි පාලකයෙක් පත් කර ගැනීමට නොහැකිවීම බවත් සඳහන් කළේය
එම නිසා සියලු සම්පත් ඇති රටේ මෙවර හොඳ පාලකයෙක් පත් කරගතහොත් ඉතා කෙටි කාලයක් තුළ මෙරට සෑම ජනතාවට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය වන බවද තමන් ආණ්ඩු නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ තමන්ට යමක් උපයා ගැනීමට නොවන බවත් එක වතාවක් ආණ්ඩුව හදමු රට වෙනුවෙන් බවත් එම ආණ්ඩුව සැකසීම සඳහා සියලු දෙනාම එක් විය යුතු බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.