ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට නොහැකිබවට නීතිපතිවරයා වසින් ලබාදුන් උපදෙස්මත ඉකුත් කොවිඩ් සමයේදී සුරතලයට නිවසක ඇතිකළ සුනඛයෙකු වෙඩිතබා මරාදැමූ බවට චෝදනා ලැබූ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකුට එරෙහිව පවරා තිබු නඩුවෙන් විත්තිකරු නිදොස්කොට මුදාහැරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද 29 දින නියෝග කළේය.
මෙසේ මුදාහරිනු ලැබුවේ මිගමුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකි.
2020 මැයිමස 07 වෙසක් පොහෝදින සැකකරු පදිංචිව සිටින මිගමුව ප්‍රදේශයේදී තමා සුරතලයට ඇතිකළ මැක්ස් නමැති සුනඛයා වෙඩිතබාමරා දමා ඇතිබවට චෝදනා කරමින්සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මිගමුව මුලස්ථාන පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව නඩුපවරා තිබිණි.
මිගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් චමරි සදුනිකා මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනිසිටියේය .
බර්ටි වීරසිංහ