තම දියණිය ඝාතනය කර වැසිකිළිවලට දැමූ පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගම්පහ මාකෙවිට ප්ර දේශයේදී මෙම සිදුවිම සිදුව තිබේ. උකස් කරන ලද මාලයක් බේරා ගැනිම වෙනුවෙන් මව දියණියට ලබාදුන් මුදල් මත්ලෝලි පියා විසින් දියණියගෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් දියණිය එම මුදල් ලබානොදිම හේතුවෙන් පියා විසින් දියණියට පහරදි අදාළ මුදල් ලබාගෙන තාවකාලිකව පදංචිව සිටින නිවසින් පිටව ගොස් තිබේ. යළිත් නිවස වෙත පැමිණීමේදී පහර දුන් ස්ථානයේදිම දියණිය වැටි මියගොස් තිබීම හේතුවෙන් දියණියව ඉටිකොළයක ඔතා නිවසේ වැසිකිළිවලට දමා තිබේ.

