තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.30 තෙක් වලංගු වෙයි.
මේ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද බස්නාහිර, දකුණු , වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්රත්රික්කය සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
දිවයින හරහා නිරිත දිග මෝසම් සුළං ප්රවාහයේ වැඩිවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල හා උතුරු, උතුරු මැද බස්නාහිර, දකුණු , වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්රත්රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිහේ සෙසු ප්‍ර දේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.