තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද දිනයේදීද පස්වරු කාලයේදි වැසි ඇතිවීම සඳහා හිතකර වායුගොලිය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.