තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වෙයි.
මෙම නිවේදනය අනුව දිවයින ආශ්රිත වායුගෝලකේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය
තවදුරටත් බලාපොරොත්තු වන බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය
දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.