ලංකා ධිවර සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි කිරිම හේතුවෙන් සංස්ථාව වෙත රුපියල් හතලිස් හත් කෝටි හැට එක්ලක්ෂ හැට හයදහස් එකසිය හැට දෙකක මුදලක් (476,166,162) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
චක්‍රලේඛයක් මගින් ණයට මසුන් අලෙවි කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් ලබාදි තිබිය දි සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත පසුගිය වසර තුල දි ( 2024.05.31 දිනට) ණයට මසුන් අලෙවි කිරිම වෙනුවෙන් මෙකි ණය මුදල අයවිමට ඇත චක්‍ර ලේඛයේ උපදෙස් අනුව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත
මේ පිළිබද ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විධායකයන් හා මෙහෙයුම් අංශ විසින් ණය පදනමින් මසුන් බාහිර ආයතන වෙත සැපයිමේ දි ආරක්ෂිත තැන්පතු තබා ගැනිම මෙන්ම ලිඛිත ගිවිසුම් මසුන් ණයට විකිණිම සිදුකළයුතු බවට නව චක්‍ර ලේඛයන් නිකුත් කිරිමට කටයුතු යොදා ඇති බවය. එමෙන්ම විධායක වල අභ්‍යන්තර ණය ගැතියන්ගේ ණය ශේෂ සම්බන්ද වගකිම අදාළ කළමණාකරුවන් වෙත පැවරිම සදහා පැවති චක්‍ර ලේඛ සංශෝධනය කිරිමට ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. නව චක්‍ර ලේඛයක් නිකුත් කිරිමට අදාළ කෙටුම්පත් මේ වනවිට සකස්කර ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.