දැඩි ණයබරකට මුහුණ දී ඇති රටවල්වලට “ඵලදායි ආකාරයකින්” උපකාර කිරීම සඳහා ගන්නා ලබන බහුපාර්ශ්වික ප්රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘත බව චීන අගමැති ලී කෙකියෑන් පවසයි.
චීන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය සමග දුරකතන සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
“අදාළ රටවල ණය ගැටළු විසඳීමට චීනය සහභාගී වීමට කැමැත්තෙන් සිටිනවා. සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත යුතු අතර සාධාරණ බරක් බෙදා ගත යුතු බව චීනයේ විශ්වාසයයි" ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය වැනි ණය බරින් පීඩිත රටවලට ප්‍රධාන ණයදෙන්නෙකු වන්නේ චීනයයි. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කිරීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් වූ ගිවිසුම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් ලබා නොදීම හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් 52% ක් පමණ චීනය සතුවෙයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය හැසිරවීම සඳහා චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය බව ජෝර්ජීවා චීන අග්‍රාමාත්‍යවරයාට පැවැසීය.