ණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.
"ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සහ සියලුම ණය හිමියන් එකම ලෙස කටයුුතු කිරිමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා තිබෙනවා" යැයි වික්‍රමසිංහ මහතා පැවැසීිය.
මේ සම්බන්ධයෙන බීජිං වෙනසක් ඇති කිරීම සංකීර්ණ මාවතක් වුවත් එය යම්කිසි ආකාරයකට අනෙකුත් ණය දෙන්නන් මත රඳා පවතින බවද ඔහු පැවැසිය.
ශ්‍රී ලංකාවට විශාල ලෙසම ද්විපාර්ශවීය ණය ලබාදී ඇත්තේ චීනය, ජපානය සහ ඉන්දියාව වෙයිි. ලංකාවේ සමස්ත විිදේශීය ණය ඩොලර් බිලිියන 51ක් වන අතර එයින් ඩොලර් බිලිියන 14ක්ම ඇත්තේ මෙම රටවල් තුනටය.
2001 සිට 2021 දක්වා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 9.95කට ආසන්න බව ඇතැම් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කර තිබේ.
ශ්‍රී ලංකාවට මේ වසරේදීි ඩොලර් බිලියන 6.9 ක විදේශ ණය ගෙවිමට තිබුණත් එම ණය ගෙවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය.