ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපනායේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සමග සාකච්ජාවක් පැවැත්විණි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව එහි දී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය අගය කෙරුණු බවයි සේමසිංහ මහතා පැවසුවේ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය එහි දී පැසසුමට ලක් වූ අතර විශේෂයෙන්ම නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඒ මහතා පැවසූ බව සේමසිංහ මහතා පැවැසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහි දී සහතික කෙරිණි.