ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටු විය යුතු අතර, එම පනතේ 23වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වාගත යුතු බව රජය පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කර තිබේ.
ඒ අනුව, පිරිවැය වාසිදායක වීම, දත්ත සම්ප්‍රේෂණය පහසු වීම, ඒවායේ අඛණ්ඩතාව පවත්වාගත හැකි වීම සහ පද්ධති අතර ඒකාග්‍රතාව තහවුරු කළ හැකි වීම යන හේතු මත පදනම්ව පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම සඳහා යෝජනාවක් ලබා ගැනීමටත්, එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ ලබා ගැනීම සඳහා යොමු කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළහ.