ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික ඇතුළු විවිධ ක්ෂේත්රයන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා අදාළ නෞකා සමාගමට හා ආයතන වලට එරෙහිව සමගි ජන බලවේගය කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඊයේ 16 නඩුවක් ගොනු කළේය.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ඇලකන්ද සදාසරණ ග්‍රාමීය ධීවර සමිතියේ උප සභාපති ඩබ්ලිව්. කේ. පෙරේරා ඇතුළු 4 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, රක්ෂණකරු,නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම මෙන්ම ක්‍රියාකරුවන් වශයෙන් කටයුතු කළ සමාගම් අටක් නම් කොට ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹට ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාශයට පත්වීම නිසා නෞකාවේ රැගෙන ගිය බහාලුමලුම් වල තිබූ අධි විකිරණශීලී ද්‍රව්‍ය, නෞකාවේ තිබූ ඉන්ධන සහ වෙනත් ද්‍රව්‍ය ජලයට මුසු වීමෙන් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද ලංකාවට සිදුවී ඇති බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ගිනි ගෙන විනාශයට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ජලයට හා වාතයට කාන්දු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එම විෂ රසායනික ද්‍රව්‍ය ද්‍රව්‍ය ජලයට කාන්දු වීම තුලින් විශාල සාගර දූෂණයක් ද වාතයට මුසු වායු දූෂණයක් ද සිදු වූ බව පෙන්වා දෙති.
විෂ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එක්වීම නිසා සාගරයේ ජීවත් වන කැස්බෑවුන් ඇතුළු මුහුදු ජීවීන් විශාල පිරිසක් මරණයට පත් වී ගොඩගැසූ බවත් ඉන් ධීවරයන්ගේ ජීවනෝපායට විශාල පහරක් එල්ල වූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ශ්‍රී ලංකාවට විශාල ආදායමක් අත්කර දෙන අ සංචාරක කර්මාන්තයට ද කර්මාන්තයට ද විශාල හානියක් සිදුවූ බව ද පෙන්වා දෙති.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වීම නිසා ලංකාවට සහ ලාංකිකයන්ට විශාල අගතියක් වූ බවත් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට අදාල නෞකා සමාගම් බැඳී සිටින බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සිදුවූ අගතිය වෙනුවෙන් තමන්ට ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා සිටිති.