ඩුබායි රාජ්‍යයේ තුළ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් තිදෙනකු රුපියල් 60000 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකාරියන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 21370 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නේවි රුවන් නමැත්තාගේ අනියම් බිරිඳ සහ ඒන්ජල් හා පංචාලි යනුවෙන් හඳුන්වන තරුණියන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක රට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම් මගින් වැල්ලම්පිටිය ,මීගොඩ කොටිකාවත්ත හංවැල්ල ,හා කඩුවෙල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ධනුෂ්ක , චන්දන ,ලලිත් කන්නංගර හා මුතු යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩලීම සඳහා යොදවා සිටින පොලිස් කණ්ඩායම් අතරින් ඒකක 2 කණ්ඩායම මෙහෙයවන චින්තක දසනායක මහතා ගේ කණ්ඩායමේ පොලිස් සැරයන් 38723 රංජිත් නිලධාරියාට ලද තොරතුරකට අනුව කොලොන්නාව සිරිසඳ උයන මහල් නිවාස සංකීර්ණය තුළ සිදුකළ වැටලීමේදී ඒන්ජල් හා පංචාලි යන සැකකාරියන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත
එම සැකකාරියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මත්ද්‍රව්‍ය ලැබෙන්නේ මාලබේ ප්‍රදේශයේ කාන්තාවකගෙන් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් ලවා දුරකථන ඇමතුමකින් මත්කුඩු ඇනවුමක් ලබාදී එම කාන්තාව මාලඹේ තලවතුගොඩ මල්වත්ත පාර අසලට අයිස් මත්ද්‍රව්‍ය සමග ගෙන්වා ගෙන්වා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නේවි රුවන් නමැත්තාගේ අනියම් බිරිඳවන සැකකාරිය තෙමහල් නිවසක සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සැකකාරියන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විවිධ මාර්ගවලින් ප්‍රවාහනය ජාවාරමේ මුදල් උණ්ඩියල් හරහා ඔවුන් වෙත යොමු කිරීම සිදුකරන බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 19, 21 හා52 අතර පසුවන සැකකාරියන් ගෙන් රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කෙරේ.