ඩුබායි සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩාම් සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු පිස්තොල අවියක්, රිවොල්වර අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.
ඊයේ සවස් කාලයේ මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාස විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර පිස්තෝල අවියක්, එම ජීව පතොරම් 05 ක්, රිවොල්වර අවියක්, හෙරොයින් ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 120 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 810 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 36 ක් වන පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
