බොරතෙල් මිල පහළ ගියත් ඩීසල් හා පෙට්‍රල් මිල පහළ දැමිය නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
පසුගිය කාලයේදී පෙට්‍රල් මිල පහළ යාම හේතුවෙන් ලීටරයකින් රුපියල් 70ක පමණ ලාභයක් ලැබුණ හෙයින් පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.