ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන අවස්ථාවේදී ඩයලොග් සමාගම සිය අඛණ්ඩ සන්නිවේදනයන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.
එහිදී පාර්ශ්වකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසාය, ව්‍යාපාරික පාර්ශ්වකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඩයලොග් මනා සූදානමකින් සහ කැපවීමෙන් පසුවන බවත් සමාගම පවසයි.
පවතින වත්මන් තත්ත්වය තුළ ඔන්ලයින් පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව ඇති මෙවන් පසුබිමක, ඩයලොග් ආසිආටා ලබා දෙන සියලුම සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු https://dlg.lk/3dE7FiI වෙත පිවිසිය යුතු බවත් ඩයලොග් සමාගම සඳහන් කරයි.