පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීමෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළැයි සඳහන් කරමින් පවරා ඇති නඩු විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වන බව අද (26දා) ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් අදාළ නඩු විභභාගයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරන ලද්දේ එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
පෙත්සමේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඬුල්ලක්හමුවේමෙය පෙත්සම සලකාබැලිණි.
වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය නම් කර තිබේ.
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.