පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැදගත් තීන්දුවක් බවත්, එම තීන්දුව හරහා පාර්ලිමේන්තුවටත්, කථානායකවරයාටත් නිදහස ලැබුණු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අද අධිකරණය වැදගත් තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ තමයි පුරවැසි භාවය පිළිබඳ තිබුණු නඩුවේදී පාර්ලිමේන්තුව නියෝජනය කළ ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට තීන්දුව දීලා තියෙනවා.
එතුමිය අද ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙවෙයි. අපි ගරැ කරනවා අධිකරණයට. ඒ වගේම පාර්ලිමේන්තුවටත් කථානායකතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියන එකත් මතක් කරනවා.”