පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මියගේ ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව අනුව හිස්වූ මන්ත්‍රීධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත්කිරිමට එම පක්ෂය තිරණය කර ඇති බව වාර්තා වෙයි.
ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවට එක්වුවත් ඇය සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරියකි.
මුජිබර් රහුමාන් මහතා මෙම පාර්ලිමේන්තුවට තේරි පත්වුවත් ඔහු කොළඹ නගරාධිපති ධුරය වෙනුවෙන් තරග කිරිමට පාර්ලමේන්තුවෙන් අස්විය.
ඒ අනුව සජබයේ හිස්ව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා මෙසේ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පත්කිරිමට නියමිතව තිබේ.