හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය තම නීතිඥයන් සමග පැමිණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෝසමක් ඉදිරිපත් කර ඇත. ඇයගේ නීතිඥවරුන් සඳහන් කරන්නේ ඇය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය විසින් දුටු නිසා අධිකරණයට පැමිණි බවය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිදුවීමට අදාළ සැකකාරියක ලෙස ඇය නම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් ඊයේ දිනයේ ඇය පදිංචි ස්ථානයන් වෙත ගියද සැකකාරිය නොසිටි බවද ඔවුන් අධිකරණය දැනුම් දී තිබුණි.
මේ වන විටත් ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.