සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ අදාළ ලිපිය ෆැක්ස් මගින් ජනාධිපතිවරයාට යොමු කළ බවයි.
සති කිහිපයක් විදෙස්ගතව සිට යළි දිවයිනටපැමිණි ටිකිරි කොබ්බෑකඩුව මහතා පෙරේදා (07දා) සහ ඊයේ (08දා)දිනවල ආණ්ඩුකාර කාර්යාලයේ රාජකාරි කටයුතුවල නියැළී සිටියේය. සබරගමු පළාතේ 08වන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ කොබ්බෑකඩුව මහතා 2019 වර්ෂයේ සිට ඊයේ දක්වාම එම ධුරයේ කටයුතු කලේය. ඊට අමතරව ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වාද කටයුතු කළේය.
අජිත්ලාල් ශාන්තඋදය/රාස්සගල සමිපත්/ෂේන් සෙනෙවිරත්න